Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග වලට අනුව 32 හැවිරිදි පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට ගත් තීරණය පරිපාලනයට මේ වනවිට දන්වා තිබේ.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමෙන් පෙරේරා ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සලකා බලමින් සිටින බව මෑතකදී වාර්තා වීමෙන් පසුව තිසර පෙරේරා මෙම තීරණයට එළඹ තිබේ.

ඒ අනුව තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

එළඹෙන බංග්ලාදේශ හා එංගලන්ත කණ්ඩායම් සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලි සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමෙන් ඉවත් කිරීමට සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මීට පෙර ප්‍රකාශ කළේය.

එළඹෙන සීමිත ඕවර තරඟ සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන දිමූත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් සහ තිසර පෙරේරා යන අය කැඳවීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ජාතික පුවත්පතකට මිට පෙර දන්වා තිබුණි.

ශ්‍රී ලංකාවේ ඉදිරි කාලසටහන සමන්විත වන්නේ බංග්ලාදේශයේ එක්දින තරගාවලියක් සහ එංගලන්තයේ එක්දින හා විස්සයි 20 තරග මාලාවෙනි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *