Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි රඳවා සිටින වාට්ටුවේ තිබී තවත් ජංගම දුරකථනයක් සොයා ගෙන තිබෙනවා.

එම ජංගම දුරකථනය ද විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවටයි වාර්තා වන්නේ.

තිලිණි ප්‍රියමාලි සතුව තිබී ඊයේ (10) දිනයේ දී ද ජංගම දුරකනයක් සොයා ගත් අතර, එය ඇය රඳවා සිටි සිරමැදිරියෙහි කාන්තා රැඳවියක විසින් ලබා දී තිබෙනවා. ඒ සඳහා තිලිණි ප්‍රියමාලි විසින් ඇයට රුපියල් 50,000ක මුදලක් ලබාදීමට යි පොරොන්දු වී ඇත්තේ.

එමෙන්ම, ඇය සතුව තිබූ ජංගම දුරකථනය සොයා ගන්නා අවස්ථාවේ දී එය බන්ධනාගාර නිලධාරින්ට ලබා නො දී පොළොවේ ගසා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කෙසේ වෙතත්, එම ජංගම දුරකථනයට හානියක් සිදු වී නොමැති අතර, එහි දත්ත විශ්ලේෂණය කරමින් විමර්ශනයක් ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ අතර, තිළිණි ප්‍රියමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පස්වරුවේ තවත් පැමිණිල්ලක් ලැබි තිබෙනවා.

ඒ ඇයගේ මූල්‍ය ආයතනයෙහි මුදල් තැම්පත්කළ පුද්ගලයෙකු විසින්. මෙම පැමිණිල්ලත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එලෙස මුදල් තැන්පත් කළ සියලුදෙනාගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ. එමෙන්ම, තිළිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කළ බවට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරණයන්ට එරෙහිව අදත් පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලි ඉදිරිපත් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ආචාර්ය නාලක ගොඩහේවා සහ සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිලි ඉදිරිපත් කළා. මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරනු ලැබුවේ ඊට අදාළවයි.

මේ අතර, අද දිනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කළ බවට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරණයන්ට එරෙහිවයි.

එමෙන්ම තිලිණි ප්‍රියමාලිගේ සමාගමේ මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *