Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා තෙවන රැල්ල ඉතා භයානක ලෙස සමාජයට බලපාමින් සිටියදී අද දිනය පුරා ජනතාව දිවයිනේ සංචාරක ආකර්ශනීය ස්ථාන ආශ්‍රිත නිවාඩු නිකේතනවලට එක් රැස්වී සිටිනු දක්නට ලැබුනා. නුවරඑළිය හා අනුරාධපුරය මෙන්ම කතරගම යන පුදබිම්වල ද සෞඛ්‍ය අංශ විසින් කරන ලද ඉල්ලිම් නොතකා මෙම තත්ත්වය දක්නට ලැබීම විශේෂත්වයක්.

අනුරාධපුරය අටමස්ථානය ආශ්‍රිතව ද සැලකිය යුතු පිරිසක් එක් රැස්ව සිටි බව අද දිනයේ දැකගත හැකි වුණා.

මේ අතරින් ද නුවරඑලිය ප්‍රධානයි. කොවිඩ් අවධානම හේතුවෙන් විනෝද චාරිකා සදහා නොයන ලෙස සෞඛ්‍ය අංශ කල ඉල්ලිම නොතකා අද දිනයේ නුවරඑලියට විශාල දේශිය සංචාරකයන් පිරිසක් පැමිණ සිටිනු දැකගත හැකි වුණා. නුවරඑලිය මහ නගර සභාව විසින් මේ මස 30 දින දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමිව අද දිනයේ තරග රැසක් පැවැත් වු අතර එම තරග නැරඹිමට ද විශාල පිරිසක් පැමිණ තිබේ.

නුවරඑලිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව ද දේශිය සංචාරකයන් විශාල පිරිසක් රැදි සිටිනු දැකගත හැකිවුණා. නුවරඑලිය වසන්ත උදානයට සමගාමිව පැවැත්වෙන සැණකෙලියද දිනපතා පස්වරු 6 සිට පැවැත්වෙන බවයි සංවිධායක කමිටුව පවසන්නේ.

නුවරඑලිය නගර සභා සිමාවේ පිහිටි නිවාඩු නිකේතන ද විශාල වශයෙන් දේශිය සංචාරකයන්ගෙන් පිරී තිබෙනු දක්නට ලැබුනා. නුවරඑළිය සංචාරකයින්ගෙන් පිරී ඇති අයුරු දැක්වෙන ඡායාරූප පහතින් දැක්වේ.

තෙවන රැල්ල

( ජායාරූප : රංජිත් රාජපක්ෂ )

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *