Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගම්පොළ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට PCR පරීක්‍ෂණ සිදුකිරීමට විරුද්ධව බාධා කළ ගම්පොළ කහටපිටිය දේවරාජ මාවතේ පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරින් පුද්ගලයින් 09 දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට හඳුනා ගෙන ඇති අතර ඉන් එක් කාන්තාවක් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කොවිඩ්-19 වෛරසයට ගොදුරුව තෙල්දෙණිය ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර සිටිය 51 හැවිරිදි කාන්තාවක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මෙය ගම්පොළ නගර සභා සීමාවේ සිදු වූ පළමු කොවිඩ් මරණයයි.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මෙම ප‍්‍රදේශය තුළ PCR පරීක්‍ෂණ සිදු කිරීමට අවස්ථා 3 කදී උත්සාහ ගෙන ඇතත් ඒ සෑම වරකම එම ප‍්‍රදේශයේ ජනතාව විරෝධය දක්වා ඇති අතර කොටසකට සිදු කළ පරීක්‍ෂණවලදී ඉන් 8 දෙනෙකු ආසාදිතයන් බව තහවුරුවූ පසු පෙරේදා (15) ඉතිරි පුද්ගලයින්වද PCR පරීක්ෂණ වලට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *