Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ආනයනික තේ මෙරට තේ සමග මිශ්‍රකර ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවසර ලබා දී ඇති බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වු එහි සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ තේ ප්‍රතිඅපනයනය ඉහළ ගොස් ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි.

මෙරට තේ නිෂ්පාදනයෙන් 90%කට වැඩි ප්‍රමාණයක් සාම්ප්‍රදායික කළු තේවලින් නිෂ්පාදනය කරන බව ඔහු සඳහන් කළේය.

මෙරට තේ නිෂ්පාදනය පසුගිය වසර 05ක කාලය තුළ සාමාන්‍යය ලෙස කැපී පෙනෙන ඉහළයාමක් සිදුව ඇති බව ද ජයම්පති මොල්ලිගොඩ පෙන්වා දුනි.

80 දශකයේ සිට මෙරටට තේ ආනයනය කර අගයක් එකතුකර ප්‍රතිඅපනයනය සඳහා අවසර ලබාදී තිබුණ ද, එහිදී ආනයනය සඳහා අවසර ලබාදී ඇත්තේ විශේෂිත වූ කාණ්ඩවලට අයත් තේ සඳහා පමණක් බව තේ අලෙවි මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *