Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (27) රාත්‍රී 8 පමණ තොටළඟ කජීමාවත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස සමූහයක ගින්නක් හටගෙන තිබේ.

ඒ අනුව, මේ වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය කර තිබේ.

ගින්න ඇතිවීමට මෙතෙක් හේතුව අනාවරණ වී නොමැති අතර නිවාස 50ක් පමණ ගිනිබත් වී තිබුණි.

කෙසේවෙතත් ගින්නෙන් ජීවිතහානි හෝ තුවාලලැබූවන් මෙතෙක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.

තොටළඟ මෝදර උයන මහල් නිවාස සංකීර්ණය අසල කජීමාවත්ත ප්‍රදේශයේ එක පෙළට පිහිටි නිවාස 50ක් පමණ සම්පූර්ණයෙන් ගිනිබත් වී තිබුණි.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනිනිවන හමුදාවේ රථ 12ක් පමණ යොදාගෙන ඇති අතර ප්‍රදේශවාසීන්ගේ ද සහායෙන් ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වූ බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *