මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන්ට ඔවුන් ලබා ගෙන ඇති ලීසිං පහසුකම් සඳහා අද සිට මාස 6ක් හෝ ඊට අඩු කාල සීමාවකට, ණය සහන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ.
ඒ, කොවිඩ්19 ව්‍යසනය හමුවේ ඔවුන්ට සිදුවූ දුෂ්කරතා සහ සීමා පැණවීම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති දැනුම්දීමක් අනුවයි.
බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් විසින් එය ක්‍රියාත්මක කරනු ලබනවා.
මෙම ණය සහන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලබන ව්‍යාපාර හා පුද්ගලයන් අතරට පොදු මගී ප්‍රවාහන පහසුකම් සපයන්නන්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාල මගී ප්‍රවාහන සේවා, ත්‍රි රෝද රථ ඇතුළු කුළී රථ සේවා ආදී පුද්ගලික මගී ප්‍රවාහන සේවා සපයන්නන් මෙන්ම සංචාරක ක්ෂේත්රය සඳහා මගී ප්‍රවාහන පහසුකම් සපයන්නන්ද ඇතුළත්.
මේ අනුව අප්‍රේල් 19 වැනි දින හෝ ඊට පෙර මෙම ණය සහන ලබා ගැනීමට අපේක්ෂා කරන සුදුසුකම් ලත් ණය ගනුදෙනු කරුවන්, ඒ සඳහා ඉල්ලීමක් ලිඛිතව හෝ විද්‍යුත් ආකාරයෙන් අදාළ මූල්‍ය ආයතනය වෙත යොමු කළ යුතු වෙනවා.
මෙහිදී කල්බදු පහසුකම් සඳහා කිසිදු දඩ පොලියක් අය නොකරන ලෙසද මූල්‍ය ආයතන දැනුවත් කර තිබෙනවා.