පසුගිය දිනක දංකොටුවෙන් අත්අඩංගුවට ගනුලැබූ පොල්තෙල් බවුසර් දෙකෙහි තිබූ පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකාකාරකය අඩංගු බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව පරීක්ෂණයෙන් තවුරු වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පවසනවා.
එමෙන්ම රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකට යොමු කළ එම බවුසර්වල පොල්තෙල් සාම්පල දෙකෙහි වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.
දංකොටුවෙන් ඇල්ලූ පොල්තෙල් බවුසර්වල පිළිකාකාරක ඇති බව තහවුරු වෙයි
