Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දංකොටුව නගර මධ්‍යයේ පිහිටි ප්ලාස්ටික් ඇතුළු විවිධ ත්‍යාග භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරික ස්ථානයක් ඊයේ රාත්‍රීයේ ඇතිවූ හදිසි ගින්නකින් එම ව්‍යාපාරික ස්ථානය මුළුමනින්ම විනාශව ඇති බව දංකොටුව පොලිසිය පවසනවා.

මෙම ගින්නෙන් ඒ අසල පිහිටි පෞද්ගලික බැංකු ගොඩනැගිල්ලකටද සුළු හානි සිදුව තිබෙනවා.

මිගමුව නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් උපයෝගී කර ගනිමින් ගින්න පැතිරීම මැඩපැවැත්වීමට පොලිසිය සහ නගරවාසීන් එක්ව කටයුතු කර තිබෙනවා.

ගින්න කෙසේ ඇතිවුවාද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබන අතර සිදුව ඇති අලාභහානිය පිළිබඳව මෙතෙක් ගණන් බලා නොමැති බවද පැවසේ.

ගින්න පැතිරීයන අවස්ථාවේ නගරයට විශාල පිරිසක් පැමිණ සිටිනුද දක්නට ලැබුණා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *