Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මත්තල සිට කටුනායක දක්වා ගමන් ගන්නා සියළුම රථ වාහන අද පිටත් කර යැවෙන බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලක මැදිරිය ප්‍රකාශ කළා.

ඊට හේතු වී ඇත්තේ කොට්ටාව, අතුරුගිරිය, කොතලාවල සහ කඩුවෙල යන පිවිසුම්වල සේවකයින් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබීමයි.

ඒ අනුව කහතුඩුව පිටවීමෙන් මුදල් ගෙවා රියදුරන්ට රථ වාහන පිටතට දැමිය යුතු අතර අධිවේගී මාර්ගයේ කටුනායක දෙසට ඇති ඉදිරි පිටවීමකින් වාහන ඉවතට ගැනීමට අපේක්ෂා කරන රියදුරන්ට යළි කහතුඩුවෙන් අධිවේගී මාර්ගයට පිවිස කටුනායක දෙසට ගමන් කළ හැකියි.

ඒ අනුව ගෙවීම් කවුළු විවෘතව පවතින ස්ථානවලදී පමණක් රියදුරන්ට මුදල් ගෙවීම් කළ හැකි අතර අනෙකුත් පිටවීමේ ස්ථානවලදී මුදල් ගෙවීමක් සිදුනොකර පිටව යා හැකියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *