Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැළණිගම අතර අද පෙරවරුවේ රථවාහන 8ක් පමණ එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

අද පෙරවරුවේ අවස්ථා කිහිපයකදී මෙම අනතුරු සිදුව ඇති අතර අධිවේගී මාර්ගයේ පැවති අධික තදබදය ඊට හේතුවී ඇති බවයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා කියා සිටියේ.

මෙම අනතුරුවලින් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුව නැහැ. මේ දිනවල උත්සව සමය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ තදබදයක් පවතින බැවින් රථවාහන ධාවනයේදී නියමිත දුර ප්‍රමාණය පවත්වාගන්නා ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ
May be an image of road
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *