Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම කණ්ඩායම දැඩි දුෂ්කර තත්ත්වයකට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවය.

කෙසේ වෙතත්, වෛරසය ආසාදනය වී ඇති ක්‍රීඩකයින්ගේ නම් මෙතෙක් හෙළි කර නොමැත.

අදාළ ක්‍රීඩකයින් මේ වන විට සෙසු ක්‍රීඩකයින්ගෙන් වෙන් කර ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

ඔවුන්ගේ ආශ්‍රිතයින් වන ක්‍රීඩකයින් තිදෙනෙකු හුදෙකලා කර ඇතැයි ද දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය පවසයි.

මෙම තත්ත්වය හේතුවෙන් එංගලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අදාළ පුහුණු තරගයක් ද අවලංගු කිරීමට සිදුව තිබේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *