Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක විශාල ගින්නක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අද (ජන. 2) පෙරවරුවේ තුන් වන මහලෙන් හටගත් මෙම ගින්න පසුව ගොඩනැගිල්ල පුරා පැතිර ගොස් ඇති බව ය.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ, වහලෙන් ගිනිදැල් සමග විශාල කළු දුමාරයක් පිටවන අයුරු විදෙස් මාධ්‍ය නිකුත් කළ විඩියෝ දර්ශනවල දැක්වේ.

මේ වන විට ගිනි නිවන භටයින් ගින්න මැඩ පැවත්වීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටින අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තුව අසල පිහිටි ශාන්ත ජෝර්ජ් ආසන දෙව් මැදුරේ, ඩෙස්මන්ඩ් ටුටූ අගරදගුරුතුමන්ගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයෙන් පැය කිහිපයකට පසුව මෙම ගින්න හටගෙන ඇති බව ය.

මේ හේතුවෙන් මෙතෙක් කිසිදු පුද්ගලයෙකුට හානි සිදු වී ඇති බව වාර්තා වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කේප්ටවුන්හි පිහිටි දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කොටස් තුනකින් සමන්විත අතර එහි පැරණිතම ගොඩනැගිල්ල 1884දී ඉදි කර ඇති අතර නව ජාතික සභා ගොඩනැගිල්ල ඉදි කර ඇත්තේ, 1920 සහ 1980 අතර කාලයේදී ය.

Leave a Reply

Your email address will not be published.