දකුණු අප්‍රිකාවේ අධිවේගී මාර්ගයක සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලිම්පොපෝ (Limpopo) ප්‍රදේශයේ දී මෙම බිහිසුණු අනතුර සිදුව ඇති බවටය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මගීන් රැගත් කුඩා වර්ගයේ බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බවය.
එරට ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ මෝටර් රථයේ ටයරයක් පුපුරා යාමෙන් එහි රියදුරුට වාහනය පාලනය කර ගත නොහැකිව එම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් බස් රථය ගිනිගෙන පිපිරීමට ලක්ව ඇති අතර එහි සිරවී සිටි රියදුරු ඇතුළු 16 දෙනෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
දිවි ගලවා ගත් 8 දෙනාගෙන් 6 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර දෙදෙනෙකු සුළු තුවාල සහිතව බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා තිබුනේ.