ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (27) නිමා වුණා.
අද දිනය ආරම්භ කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ලකණු 340ක් ලබා සිටියේ කඩුලු 6ක් දැවී තිබියදී.
ඒ අනුව අද දිනයේදී සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ දසුන් ශානක නොදැවී ලකුණු 66ක් රැස් කලා.
ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 396කට සීමා වුණේ දිනේෂ් චන්දිමාල්ගේ ලකුණු 85න් සහ ධනංජය ද සිල්වාගේ ලකුණු 79න් ශක්තිමත් වෙමින්.
පන්දු යැවීමේ ලුතෝ සිපම්ලා කඩුලු 4ක් සහ වියාන් මුල්ඩර් කඩුලු 3ක් බිද හෙලුවා.
අනතුරුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම අද දිනය අවසන් වනවිට කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 317ක්.
නොදැවී පන්දුව පහර දෙමින් සිටි ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 55ක් සහ ටෙම්බා බවුමා ලකුණු 41ක් මේ වන විට ලබාගෙන සිටිනවා.
ඩීන් එල්ගර් ලකුණු 95ක් රැස් කරමින් දකුණු අප්‍රිකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර ඒඩ්න් මාක්රම් ලකුණු 68ක් රැස් කළා. ඒ දෙදෙනා අතර ලකුණු 141ක සම්බන්ධතාවයක් පවත්වා ගනිමින්.
පන්දු යැවීමේ දී කසුන් රාජිතට ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණෙ පන්දු වාර 2.1 යොමුකර තිබියදී.
විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, දසුන් ශානක සහ වනිදු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 79ක්.
– සුදීප විදුනුවන් –