Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගාවලිය හෙට දිනයේදී Centurion හි ඇරඹෙන පළමු ටෙස්ට් තරඟයෙන් ආරම්භ වෙයි.

මීට මාස 18කට පමණ පෙර දකුණු අප්‍රිකානුවන් ඔවුන්ගේ මව්බිමේදී පරාජයට පත් කළ පළමු ආසියානු කණ්ඩායම ලෙසින් ඉතිහාස ගතවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.ඒ දඟ පන්දු යවන්නන්ට උචිත ලෙසින් හැසිරෙන පෝර්ට් එලිසබෙත් සහ ඩර්බන් ක්‍රීඩාංගණ වලදී පැවැත්වූ තරග තුලදීයි.

නමුත් මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ ලොව වඩාත්ම වේගවත් තණතීරු 2 ක් ලෙසින් නම් දරා සිටින සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක් සහ වොන්ඩරස් යන ක්‍රීඩාංගණවලදීය.

තරඟයට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්මින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සඳහන් කර සිටියේ සිය කණ්ඩායම පිලිබඳ ඉතා හොඳ විශ්වාසයකින් පසුවන බවයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේ ” දකුණු අප්‍රිකා වේගපන්දු බල ඇණියට සමානව ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය ශක්තිමත් බවත්, තරඟයේ පිතිකරුවන් වැඩිපුර දක්ශතා දක්වන කණ්ඩායමට මෙම තරඟය ජයග්‍රහණය කිරීමේ වැඩි හැකියාවක් පවතින බවයි. “

Image source – getty image

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්  ඔහු සඳහන් කලේ දකුණු අප්‍රිකාවේ වේග පන්දු බලඇණිය මෙන්ම   ශ්‍රී ලංකා වේග පන්දු බලඇණියත් එක ලෙස ශක්තිමත් බවයි.

‘ප්‍රතිවාදීන් හිතනවා නම් අපිට හොඳ PACE එකක් සහ BOUNCE එකක් සහිත පන්දු යවන්නන් නැහැ කියල ඔවුන් ඔවුන්ගේ සුපුරුදු වේගපන්දුවට උචිත තණතීරු අපිට එරෙහිව වැඩියෙන් පාවිච්චි කරන්න උත්සාහ කරනවා.’

‘නමුත් මෙවර තරඟාවලියේදී අපිට හොඳ වේගපන්දු යවන්නන් ඉන්නවා. අපේ වේගය දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නන්ගේ වේගය සමඟ සංසන්ධනය කළොත් එක හා සමානයි.’

“මේක ගොඩක් වෙලාවට පිතිකරුවන්ගේ තරගාවලියක් වෙයි කියලා මං හිතනවා. කොයි කණ්ඩායමේ පිතිකරුවන්ද හොඳට ලකුණු අතරට එන්නේ, මං හිතනවා ඒ කණ්ඩායමට තමයි මේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට හොඳ අවස්ථාවක් තියෙන්නේ “
යනුවෙන් නායක  දිමුත් කරුණාරත්න සඳහන් කර තිබුණා.

ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය

සුරංග ලක්මාල්

දුෂ්මන්ත චමීර

ළහිරු කුමාර

විශ්ව ප්‍රනාන්දු

කසුන් රාජිත

අසිත ප්‍රනාන්දු

දිල්ශාන් මධුශංක

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක මෙම තරගාවලිය ටෙස්ට් තරග 2 කින් සමන්විත වන අතර එහි පළමු වැන්න සැප්තැම්බර් 26 වැනිදා සෙන්චූරියන්හි සුපර්ස්පෝර්ට්ස් පාක් හිදීද දෙවැන්න ලබන ජනවාරි 03 දා ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේදීත් ආරම්භ වනු ඇත.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *