දකුණු කොරියාවේ ඉචියොන්හි ඉදි කරමින් තිබූ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දකුණු කොරිායානු මාධ්‍ය උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කරන්නේ, ගින්නෙන් වැඩ බිමේ සේවකයින් 38 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි.
මෙම අනතුරින් තවත් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව එහි සඳහන්
ගින්න හට ගෙන ඇත්තේ, ගොඩනැගිල්ලේ පහළ මාලයේ ඉදි කිරීම්වලදී භාවිත කළ ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයක පිපිරීමකිනි.
කෙසේ වෙතත් අනතුර සිදු වන අවස්ථාවේ වැඩ බිමේ පුද්ගලයින් 78 දෙනෙකු සේවය කරමින් සිට ඇති බැවින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවට සැක පළ වේ.
ගින්න ඉතා සුළු වේලාවක් ඇතුළත ශීඝ්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් සේවකයින් මුදා ගැනීමේදී ද අපහසු වී ඇත.




