Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම පහළවැව ප්‍රදේශයේ දී අද (09) දහවල් බස් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් කුඹුරකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබුණි.එහි ගමන්ගත් මගීන් 10 දෙනෙකු තුවාල ලබා දඹුල්ල වීර කොබ්බෑකඩුව රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කදුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකි.

බස් රථයේ තිබූ ගෙවී ගිය ටයර් හේතුවෙන් වර්ෂාවත් සමග එය ලිස්සා යන්නට ඇතැයි පොලීසිය සැකකරයි. 

අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published.