Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් රෝගය වැළඳීමත් සමගම පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්ද ඊට ගොදුරු වීමේ අවදානමක් පවතිනවා.

පසුගිය දිනෙක දයාසිරි ජයසේකර මහතා එක්තරා සාදයකදී ගීතයක් ගායන කල අතර එහිදී අමාත්‍ය විමල් වීරවංශ , මන්ත්‍රී හරින් ප්‍රනාන්දු සහ මන්ත්‍රී මනූෂ නානායක්කාර යන මහත්වරුන් සමීපව සිටිනු දක්නට ලැබුනා.

නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ඩාලි පාරෙ පිහිටි ශීලනිප මූලස්ථානයේ ද උත්සවයක් පැවති අතර එහිදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හා සමීපව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හිඳිනු දක්නට ලැබුනා.

මේ අතර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටියේ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාට සමීපවයි.පීරිස් මහතාගේ වම් පසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසුන්ගෙන සිටියා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *