Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වෙළෙඳපොළේ පවතින සෙල්ලම් බඩුවල ශබ්ද විමෝචනය ඉහළ මට්ටමක පවතින බව කාර්මික තාක්ෂණ ආයතනය සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

බස්නාහිර පළාතේ වෙළෙඳපොළවල අලෙවි කරන සෙල්ලම් බඩු 205ක් භාවිත කරමින් මෙම පර්යේෂණය සිදුකර ඇත.

කනට සමීප සෙල්ලම් බඩු, අතේ තබාගන්නා සෙල්ලම් බඩු, මේසය මත හෝ බිම තබාගන්නා සෙල්ලම් බඩු, මිරිකන සෙල්ලම් බඩු, රැටල්, සුළං සෙල්ලම් බඩු, කැප් සහිත වෙඩි තැබීමේ සෙල්ලම් බඩු, තට්ටු කරන සෙල්ලම් බඩු, අදින තල්ලු කරන සෙල්ලම් බඩු මෙම ශබ්ද පරීක්ෂණයට භාවිත කර ඇත.

උපරිම ශබ්ද මට්ටම ඉක්මවා කැප් සහිත වෙඩි තැබීමේ සෙල්ලම් බඩු, මිරිකන සෙල්ලම් බඩු, සුළං සෙල්ලම් බඩු වෙළෙඳපොළේ අලෙවි වන බව පර්යේෂණයෙන් හෙළිවී ඇත.

කැප් සහිත වෙඩි තැබීමේ තුවක්කු ඩෙසිබල් 110 සිට 135 දක්වා ළඟාවී තිබූ අතර, එම ශබ්දය රොක් ප්‍රසංගයකට හෝ ජෙට් යානයකට සමාන බව පර්යේෂණයෙන් තහවුරු වී ඇත.

සියලුම සෙල්ලම් බඩු ඝෝෂාකාරී නොවුණත් ශබ්ද මට්ටම, භාවිත කරන ආකාරය, දිනපතා නිරාවරණය වන ප්‍රමාණය මත දරුවන්ට ශ්‍රවණාබාධ ඇතිවීමට බලපාන බව පර්යේෂකයන් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *