මොරටුව එගොඩඋයන නව ගාලු පාරේ ජෝසප් පෙදෙස පදිකමාරුවේදී මාරක අනතුරක් සිදුකළ යතුරුපැදිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මොරටුව මහෙස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරු මාර්ග නීති උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් මේ මස පළමු වැනිදා රුපියල් 15,000ක දඩයකට ලක්වු අයෙකු බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
මේ අතර පදිකමාරුවේදී අනතුරට ලක්වු කාන්තාවගේ කුස තුළ සිටි දරුවා ද මියගොස් ඇති බව වාර්තා වේ.
පදිකමාරුව හරහා ගමන් කරමින් සිටිය දී අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අදාළ කාන්තාව සහ දැරිවියන් දෙදෙනෙකු (04) රාත්රීයේ අනතුරට ලක්විය.
අනතුරෙන් අවුරුද්දක් වයසැති දැරිවිය සහ අවුරුදු 7ක වයසැති දැරිවිය එම ස්ථානයේදීම මියගොස් තිබුණි.
යතුරුපැදිකරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් පදිකමාරුව හරහා ගමන් කරමින් සිටි එම තිදෙනා ගැටුණු බව සිද්ධිය ඇසින් දුටුවන් පැවසීය.
කෙසේ නමුත් මෙම සිදුවීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කල ගැබිණි මව ද මියගොස් තිබෙන බව ඊයේ දිනයේදී ජාතික රෝහලේදී මියගිය බව වාර්තා වුනා.