එළඹෙන සතියේ සියළු පාසල් ශ්‍රේණි ආරම්භ කිරීමත් සමඟ, පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම සහ ඔවුන්ට අඛණ්ඩව පාසල් යාමට වාතාවරණය සලසා දීම වැඩිහිටි අප සියළු දෙනාගේ වගකීමක් බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,
ජනාධිපතිතුමාත් උපදෙස් දීලා තියෙන්නේ මේ රෝගීන් වාර්තාවෙන පුංචි ඒකක ටික හඳුනාගෙන මර්දනය කරන වැඩපිළිවෙලක් ගෙනියන්න කියලා. විශේෂයෙන්ම අපි පාසල්වල විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් ඉල්ලන්නේ මේ පිළිබඳ විමසිලිමත් වෙන්න. උණක් එක්ක හෙම්බිරිසාවක් කැස්සක් එකක් දරුවෙක් ඉන්නවා නම් කරුණාකරලා දෙමව්පියෝ ගෙන්නලා භාරදෙන්න.
ඒ වගේම දෙමව්පියන්ගෙනුත් ඉල්ලනවා උණ තියෙනවා නම්, කැස්ස හෙම්බිරිසාව තියෙනවා දරුවාව ගෙදර නවත්වා ගන්න. සමහර විට ඒක කොවිඩ්වල රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමා රැකියා කරන ස්ථානයට යන්න එපා උණ, කැස්ස, හෙම්බිරිසාව තියෙනවා නම්. අවශ්‍ය කරන රැපිඩ් පරීක්ෂණ තමුන්ගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සිදුකර ගන්න.