Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බිළිඳු කළලයක් වලදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය චුන්නාගම් පොලිස් වසමේ ඉනුවිල්, මරදනාමඩම ප්‍රදේශයේ යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර පෙම් යුවලගේ සම්බන්ධතාවයට නිවෙස්වලින් විරෝධය එල්ලවීම හේතුවෙන් ඔවුන් නිවෙස්වලින් පලාවිත් මරදනාමඩම් ප්‍රදේශයේ කුලී ස්ථානයක මාස කිහිපයක රැඳී සිට ඇති බව සඳහන්.

එහිදී පෙම්වතිය ගැබ්ගෙන ඇති අතර කළලය විනාශ කිරීමට දෙදෙනා තීරණය කර විනාශ කළ කළලය ඔවුන් පදිංචි ස්ථානයේම වල දමා තිබෙනවා.

මෙම වලදැමීම දුටු අසල්වැසියෙක් මේ පිළිබඳ පොලීසියට ලබා දුන් තොරතුරක් මත ඊයේ (29) මෙම යුවල චුන්නාගම් පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනා.

කළලය ඉවත් කිරීම සඳහා මොවුන් වෛද්‍යවරයෙකුගේ සහාය ගන්නට ඇතැයි සැක මතුව ඇති අතර අදාල වෛද්‍යවරයා සොයා පොලීසිය මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් පෙම්වතිය යාපනය විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවියක් බවයි වාර්තා වී ඇත්තේ.

වලදැමූ බිළිඳු කළලය යාපනය මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී අද (30) ගොඩ ගැනීමට නියමිතව තිබුණා.

Leave a Reply

Your email address will not be published.