Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පසුගිය දශකයක කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක් වූ දක්ෂතා ඇගයීමට ලක් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කර තිබෙනවා.

එහිදී දශකයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් දශකයේ එක් දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි අද(28) සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඒ, පසුගිය දශකයක කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහු දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින්.

ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් දශකයේ ටෙස්ට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ අතර, දශකයේ 20යි 20 ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන්.

දශකයේ ක්‍රීඩාවේ ජීව ගුණයෙන් යුතු ක්‍රීඩකයා ලෙස ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සම්මාන හිමි කර ගත්තා.

එමෙන්ම, දශකයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සහ එක්දින සහ 20යි 20 ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ ඕස්ට්‍රේලියාවේ Ellyse Perry.

මෙහිදී ප්‍රහාරාත්මක පිතිකරණ බලඇණියකින් සැදුම්ලත් දශකයේ විස්සයි විස්ස කණ්ඩායම ICCය විසින් ප්‍රකාශයට පත් කොට තිබූ අතර එම කණ්ඩායමට ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගද ඇතුලත්.

ඔහුට දශකයේ විස්සයි විස්ස කණ්ඩායමෙහි වේගපන්දුවේ වගකීම හිමිවී තිබෙනවා.


එමෙන්ම ICC ය විසින් දශකයේ ටෙස්ට් කණ්ඩායමද නම් කර ඇති අතර එයට ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරද ඇතුලත් අතර ඔහු කඩුලු රකින්නා වශයෙන් දශකයේ ටෙස්ට් කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කොට ගෙන තිබීම විශේෂත්වයක්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *