Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඊයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 3ක තියුණු පරාජයක් ඊයේ (20) ලැබීමත් සමඟ ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් හා නායක දසුන් ශානක අතර තරගයෙන් අනතුරුව ක්‍රීඩාංගනයේ වචන හුවමාරුවක් සිදුවුණා.

එම  සිදු වූ වචන හුවමාරුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආර්නල්ඩ් මහතා විසින් ට්විටර් සටහනක් තබමින් පෙන්වා දී තිබුනේ ඔවුන් දෙදෙනා අතර එම සංවාදය ක්‍රීඩාංගනයේ දී නොව ක්‍රීඩක විවේකාගාරයේ දී සිදු විය යුත්තක් බවයි.

ඊට ප්‍රතිචාර දැක් වූ මිකී ආතර් සදහන් කළේ මෙවැනි අදහසක්.

අපි එකට දිනනවා, එකට පරදිනවා. නමුත් අපි හැම වෙලාවෙම ඉගෙන ගන්නවා. දසුන් හා මම කණ්ඩායමක් වර්ධනය කරමින් ඉන්නවා. අපි දෙන්නම ගොඩක් කළකිරුණා තරගය ජය නොගැනීම ගැන. එය ඇත්තටම ඉතා හොද විවාදයක් වුණා, ඉන් වැරැදි හැසිරීමක් හදන්න අවශ්‍ය නැහැ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *