Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නාරාහේන්පිට ශ්‍රී අභයාරාමයේදී ඊයේ (29) දිනයේ කැදවා තිබූ කොරෝනා එන්නත්කරණ වැඩසටහනක් සිදු නොවීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

එම විහාරස්ථානයේ කොරෝනා එන්නත්කරණය සිදුකරන බව දැනුම් දී තිබු නිසා ජනතාව විශාල පිරිසක් එහි පැමිණ සිටියහ.

නමුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල හෝ එන්නත් තොග එම ස්ථානයට පැමිණ තිබුණේ නැත. මේ හේතුවෙන් එම ස්ථානය දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ද ඇතිවිය.

පසුව මාධ්‍ය අමතමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිසි ක්‍රමවේදයක් නොමැති කම නිසා මේ ආකාරයේ වැඩසටහන් අවුල් වී ගොස් ඇති බවයි.

මේ අතර ඊයේ (29) නාරාහේන්පිට පිහිටි අභයාරාම විහාරයේදී සිදුවූ සිදුවීම, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් හෝ අනුදැනුම ඇතිව සිදුකරන ලද වැඩසටහනක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.

ඊයේ පෙරවරුවේ සිට ජනතාව නාරාහේන්පිට අභයාරාම විහාරයේදී ඒකරාශි වී සිටි බව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනගන්නට ලැබුණු අතර මෙම තත්ත්වය කොවිඩ් මර්දන වැඩපිළිවෙලට ඉමහත් බාධාවක් වන බැවින් අභයාරාමාධිපති ස්වාමීන්වහන්සේගේ ඉල්ලීම පරිදි සවස 5.00 පමණ වනවිට එහි රැස් වූ සුළු පිරිසකට ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දීමට කටයුතු කළබවයි නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ “ඊයේ දිනයේදී අභයාරාමයේදී ඇති වූ සිද්ධිය ගැන අපි කණගාටුවට පත්වෙනවා. විශේෂයෙන්ම එම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුදැනුම ඇතිව සිදුකරන ලද්දක් නෙවෙයි….” යනුවෙනි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *