Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නව කොන්දේසි ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන් දහස් ගණනකගේ ගිණුම් අහිමිවීමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.

මැයි 15 වන දින වන විට යාවත්කාලීන කරන ලද කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පිළිගන්නේ නැති වට්සැප් පරිශීලකයන් සියල්ලන් හට පණිවිඩ ලැබීමට හෝ යැවීමට නොහැකි වන ආකාරයෙන් කටයුතු කරන බවක් වට්සැප් සමාගමෙන් නිවේදනය කොට ඇති බවත් නව කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පිළිනොගන්නා පරිශීලකයන් හට සීමිත කෙටි කාලයක් සදහා පමණක් ඇමතුම් සහ දැනුම්දීම් ලබාදීමට කටයුතු කරන බවත් වට්සැප් සමාගම විසින් වැඩිදුරටත් නිවේදනය කොට ඇති බවත් යාවත්කාලීන කරන ලද කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පිලි නොගන්නා වට්සැප් පරිශීලකයන්ගේ ගිණුම් ගිණුම් “අක්‍රිය” ලෙස ලැයිස්තු ගත වන අතර අක්‍රීය ලෙස ලැයිස්තු ගත වූ ගිණුම් දින 120කට පසු මකා දැමීමකට ලක්වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා ප්‍රකාශ කර ඇත්තේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *