Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

Intellect Institute හි අධ්‍යන කටයුතු පිළිබද හදුන්වාදීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා Zoom යෙදෙවුම් හා Facebook live ඔස්සේ පැවැත්වුණා.

පාසල් විෂය නිර්දේශයට අනුව වඩා සාර්ථක ඉංග්‍රීසි අධ්‍යන වැඩසටහන් සිසුන් වෙනුවෙන් ලබා දෙන Intellect ආයතනය 7 ශ්‍රේණිය සිට අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දක්වා ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම් කටයුතු සිදු කරනවා.

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සාර්ථක වීමට පාසල් අවධියේ සිටම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේ වැදගත්කම, ලෝකයේ විවිධ කලාපයන්ට අනුව එහි අනුකුලත්වය සහ අධ්‍යාපන අමාත්‍යාශයේ අරමුණු අනුව ලාංකේය දරුවන් ඒ සදහා සුදානම් කරවීමේ වැදගත්කම මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක් කෙරුණා.

අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඇමරිකා එක්සත් ජනපදයේ NASA JBL Solar System ආයතනයට සම්බන්දව තානාපතිවරියක ලෙස සේවය කරන මල්මී පසන්දී, ඕස්ට්‍රේලියාවේ Borough Markets හි අධ්‍යක්ෂවරයා වශයෙන් කටයතු කරන නිලාන් මිහිදුකුලසුරිය, ඉන්දියනු ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරමින් දීප් ශංකර් නාත්, අප්‍රිකානු ජාතික ශිෂයෙකු වන ක්ලිටිනන් රිද්දික් සහ උතුරු යුරෝපයේ පිහිටි ලැට්වියා රාජ්‍යයෙහි ව්‍යාපාර සමාජ වගකීම් පිළිබද ආයතනයේ සභාපතිවරිය වන ඇග්නිස් බෙන්සෝන් මහත්මිය, කීර්තිමත් නීති ශිෂ්‍යයෙකු සහ ඉංග්‍රීසි භාෂා කථිකයෙකු වන හසිත පෙරේරා ඇතුළු දෙස් විදෙස් විශේෂ ආරාධිත දේශකයින් රැසක් මේ සදහා සහභාගී වුණි.

සිය ගණනක් පාසල් දරුවන් ඉතා උනන්දුවෙන් වැඩසටහන සදහා සම්බන්ද වූ අතර මෙවැනි සුවිශේෂි අත්දැකීමක් දරුවන්ට අතිශය වැදගත්වන වන බවයි සහභාගී වූ ශිෂ්‍යන්ගේ සහ දෙමව්පියන්ගේ අදහස වුනේ.

තවත් ලිඛිත සහ සහ වාචික මාධ්‍යන් ඔස්සේ සිදුවන මෙවැනි දේ ඇතුළු Intellect Institute පිළිබද වැඩිදුර විස්තර 0717596913 දුරකථන අංකයෙන් ඔබටද ලබා ගත හැකි වනවා.

Sharing is caring!

1 Comment

  • කවිදු, 2021-10-12 @ 8:09 AM Reply

    මේ පන්තියට ජොයින් වෙන්නෙ කෝමද කියනවද

Leave a Reply

Your email address will not be published.