අප්‍රේල් 18 ආරම්භ වන 2022 පළමු පාසල් වාරයේ දි සියලු රජයේ හා රජයේ අනුමත පිරිවෙන්, දිනකට පැය 01 බැගින් අමතර ඉගැන්වීම් කාලයක් ඇතුළත් කිරිමෙන් දින 139ක් පැවැත්විය යුතු බවට මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් ලබාදුනි.
ඒ, අනුව සිංහල හා දෙමළ මාධ්‍යයේ පාසල්වල, පාසල් අවසන් වන වේලාව අමතරව
1 ශ්‍රේණිය හා 2 ශ්‍රේණිය සඳහා – අමතර පැය1/2ක කාලයක්,
3 ශ්‍රේණිය හා 4 ශ්‍රේණිය සඳහා – අමතර පැය 1/2ක කාලයක්,
5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා – අමතර පැය 01ක කාලයක් ද ඉගැන්වීම් කටයුතු සිදුකළ යුතු වනවා.
මුස්ලිම් පාසල්වල ආගමික කටයුතු සඳහා සිකුරාදා දිනය යොදා ගැනීම හේතුවෙන්, එම දිනවල දී අමතර පැයක කාලයක් යොදා ගැනීම අපහසු වන්නේ නම්, පාසල් පැවැත්වෙන අනෙකුත් දිනයන්හි දී අදාළ අහිමි වන කාලය ආවරණය කළ යුතු බවයි දැනුම් දෙන්නේ.
ඒ අනුව එම පාසල් සතියේ අනෙකුත් දිනවල දී පස්වරු 3.15 වන තෙක් පැවැත්විය යුතු වනවා.
සිසුන්ට විවේක කාලය ලබාදීමේ දී, වැඩිවන අමතර පැයක කාලය සඳහා විනාඩි 10ක අමතර විවේකයක් ලබාදිය යුතු අතර, එය විදුහල්පතිගේ අභිමතය පරිදි සිදුකළ හැකි බවයි දැනුම් දෙන්නේ.
අමතර ඉගැන්වීම් කාලය ඇතුළත්ව කාලසටහන් සකස් කර ගැනීම හා ඒ සඳහා ගුරුවරුන් යෙදවීම ද විදුහල්පතිගේ අභිමතය පරිදි සිදු කළ යුතු වනවා.
මෙම කරුණු ක්‍රියාත්මක කිරීමේ දී යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ උපදෙස් මත ක්‍රියා කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියේ.