Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (09) දින මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,938ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අද පළමුවරට වාර්තා වූ ආසාදිතයින් 1,928ට අමතරව තවත් ආසාදිතයින් 1,010 දෙනෙකු දෙවනවර හඳුනා ගැනීමත් සමඟිනි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 332,932ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම ඊයේ (08) දින වාර්තා වූ කොවිඩ් මරණ 94ට අමතරව තවත් කොවිඩ් මරණ 17ක් දෙවනවර හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව ඊයේ (08) දින මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 111ක් වන අතර, මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,222ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම අද (09) දිනය තුළ ආසාදිතව සිටි 2,161ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 295,518ක් දක්වා ඉහළ යයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *