Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන සංචිත ඇත්තේ දින පහක කාළයක් සඳහා පමණක් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

දින 10ක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන සංචිත ගබඩා කර තැබීමට හැකි වුවත් මේ වන විටට එය සියයට 50 කින් පමණ අඩුවී ඇතැයිද ජයසුන්දර මහතා කීවේය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉන්ධන සංචිතවල යම් අඩුවීමක් තිබුණත් දුම්රිය ධාවනයට එය බාධාවක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

දුම්රිය ධාවනයට දිනකට ඉන්ධන ලීටර් ලක්ෂයක පමණ ප්‍රමාණයක් වැයවන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් දෛනිකව ඉන්ධන මිලදී ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවත් ඔහු තවදුරටත් පැවසීය.

මේ අතර ඉන්ධන හිඟය හේතුවෙන් හෙට (28) සිට පෞද්ගලික බස්රථවල ගමන්වාර ප්‍රමාණය සියයට 50 කින් අඩු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඒ අනුව කාර්යාල වේලාවන්, අපොස උසස් පෙල විභාගය පැවැත්වෙන කාල සීමාවන් ආදී ය අත්‍යවශ්‍ය ගමන්වාර පමණක් බස් රථ ධාවනයට පියවර ගන්නා බව ද විජේරත්න මහතා ප්‍රකාශ කළේය.

අනවශ්‍ය ගමන්වාර සහ දිවා කාලයේ බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම සීමා කිරීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.

කොරෝනා වසංගතයේ බලපෑම සහ ඉන්ධන හිඟය හේතුවෙන් ධාවනය වන බස් රථ ප්‍රමාණයද සියයට පනහකට අධික අගයකින් පහල බැස ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඒ අනුව විසිදහසක් පමණ ධාවනය වූ පොෟද්ගලික බස්රථ ධාවනය වන්නේ අට දහසකටත් අඩු සංඛ්‍යාවක් බවත් හෙතෙම පැවසීය. එම ධාවනය වන බස් රථවල ගමන්වාර සියයට 50 කින් අඩු කිරීම හේතුවෙන් මගී ජනතාව දැඩි පීඩාවකට පත්විය හැකි බවත් ඔහු කීවේය.

ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ ඇතුලු පිට පලාත් බස් රථ සේවා වලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් ඉන්ධන ලැබෙන පරිදි බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.