ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද (21) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ අතර පළමු දිනය නිමාවන විට කඩුලු 3ක් දැවී ශ්‍රී ලංකාව රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 267ක්.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර ආරම්භක කඩුල්ලට ලකුණු 139ක සබඳතාවයක් ගොඩනගමින් නායක දිමුත් කරුණාරත්න සමඟින් පැතුම් නිස්සංක තරගයට හොඳ ආරම්භයක් ලබා දුන්නා.

එම ලකුණු ප්‍රමාණය ඉතිහහාස ගතවූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ආරම්භක කඩුල්ල සඳහා ලබාගත් හොඳම ලකුණු සංඛ්‍යාව ලෙසින්.
පැතුම් නිස්සංක සිය 2 වන ටෙස්ට් අර්ධ ශතකය අද වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු ලකුණු 56 කට දැවී ගියේ ෂැනොන් ගේබ්‍රියල්ගේ පන්දුවක් හමුවේයි.

නායක දිමුත් කරුණාරත්න සිය 13වන ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 132ක් රැස්කරගෙන සිටින අතර ධනංජය ද සිල්වා ලකුණු 56ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ධනංජය අද වාර්තා කළේ සිය 9 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

පන්දු යැවීමේදී ඕෂද ප්‍රනාන්දු ලකුණු 3කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 3 කටත් දවා ගැනීමට රොස්ටන් චේස් සමත් වූ අතර ෂැනොන් ගේබ්‍රියල් එක් කඩුල්ලක් දවා ගත්තා.

