රජයේ සහ රජයේ අනුමත සියලු පාසල්වල තෙවැනි වාරයේ (2021) පාසල් නිවාඩුව අද සිට ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
පවතින විදුලිය කැපීම් සහ ප්‍රවාහන ගැටලු හමුවේ තෙවැනි වාරයේ (2021) පාසල් නිවාඩුව කලින් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැ යි මීට පෙර මහජන උපයෝගිතා කොමිසමෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශයට ඉල්ලීමක් කර තිබුණා. ඒ පසුගිය හතර වැනි සඳුදා යි.
ඒ අනුව රජයේ සියලුම පාසල් සහ රජයේ අනුමත සියලුම පාසල් සඳහා එම තීරණය ක්‍රියාත්මක වනු ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ නව පාසල් වාරය අප්‍රේල් 18 වනදා සිට යළි ආරම්භ කිරීමට නියමිත බවය.
