Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල්වල අධ්‍යයන කටයුතු අද (03) ආරම්භ වෙයි.

දෙසැම්බර් මස 23 වනදා පාසල් සඳහා නිවාඩු ලබාදීමට පියවර ගැණුනු අතර අද දිනයේ සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව යළි පාසල් පවත්වාගෙන යාමට බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මාස 6ක පමණ කාලයක් පාසල් වසා තැබීමට සිදුවීම හේතුවෙන් 2021 වසර අවසාන පාසල් නිවාඩුව දින 10කට පමණක් සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනු ලැබීය.

පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමේදී 27ට වැඩි සිසුන් පිරිසක් සිටින පන්ති කාමරවල අධ්‍යයන කටයුතු සඳහා කොටස් වශයෙන් සිසුන් කැඳවීමට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

පාසල් අද දිනයේ සිට ආරම්භ කළද 2021 අධ්‍යයන වර්ෂය ලබන අප්‍රේල් මස 08 වන දින දක්වා ක්‍රියාත්මක වන බැවින් ශ්‍රේණි උසස් කිරීමක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කළේය.

මේ අතර ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම නිසා අද (03) ආරම්භ වන නව පාසල් වාරයේ සිට ප්‍රවාහන ගාස්තු වැඩිකළ යුතු බව අන්තර් පළාත් පොදු පාසල් ළමයින් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කරනවා.

ඒ අනුව එහි සභාපති රුවන් ප්‍රසාද් කියා සිටියේ පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමේ ගාස්තුව සියයට 20 කින් වැඩි විය යුතු බවයි.

මේ අතර සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ යාම නිසා සාධාරණ මිල ගණන් යටතේ පාසල් ප්‍රවාහන ගාස්තුව වැඩි කිරීමට තම සංගමයේ සාමාජිකයින්ට දැනුම්දී ඇති බවයි.

කෙසේ වෙතත් මේ මොහොතේ පාසල් ප්‍රවාහන ගාස්තු වැඩි නොකළ යුතු බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published.