කොවිඩ් වයිරසයේ නව ප්රභේදයක් ලෙස ‘‘කොවිඩ් ටන්’’ යනුවෙන් වයිරසය මේ වන විට ලොව පුරා පැතිර යන බව අනාවරණය වීමත් සමග වඩාත් කල්පනාකාරී වන්නැයි ළමා රෝග විශේෂඥයින් සඳහන් කරනවා.
මෙම වයිරසය මගින් පුද්ගලයාගේ ‘‘දිව’’ ආසාදනයට පත් කරන අතර තුවාල, රතුපැහැති බිබිළි, රතු ලප හෝ මැලියම් දිව මතුපිට රෝග ලක්ෂණ ලෙස දැකිය හැකි වනවා.
‘‘දිව’’ පුරා මෙවැනි රෝග ලක්ෂණ පැවැතිය හොත් කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට සැක කළ හැකි වන අතර PCR පරීක්ෂණයක් කර ගැනීමෙන් මේ බව නිවැරැදිව තහවුරු කර ගත හැකියාව තිබෙනවා.