හෙට (02) රාත්‍රියේ සිට 4 වනදා දක්වා උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාතවලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම කාලය තුළ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
අද (01) දිනයේ දී, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ.
ගාල්ල, මාතර, රත්නපුර, කළුතර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
ඌව සහ වයඹ පළාත්වලත් මඩකලපුව, අම්පාර, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 දක්වා වැඩි විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.