Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මහනුවර, නුවරඑළිය හා රත්නපුර යන දිස්ත්‍රික්කවලට අදාළව නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රදේශවල සිටින ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයට ඉහළින් වු පස් කඳු කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩාවැටී ඇති හෙයින් හැටන්-මහනුවර සහ හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය තාවකාලිකව ඇනහිට ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රන්ජිත් අලහකෝන් මහතා පවසයි.

එමෙන්ම ගිනිගත්හේන-නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටී ඇත.

තවද, හැටන් ඔය පිටාර ගැලීමෙන් වටවල ප්‍රදේශයේ පහත් බිම් ප්‍රදේශවල පිහිටි නිවාස රැසක්ද ජලයෙන් යටවි ඇති බව වටවල පොලීසිය සඳහන් කරයි.

පැය කිහිපයක් පුරාවට පැවැති අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට දැරණියගල ප්‍රදේශයේ ගං වතුර තත්ත්වයක් හටගෙන තිබේ.

එමෙන්ම මධ්‍යම කදුකරයට අද උදෑසන සිට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට වී තිබෙනවා.

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 300 සහ නාවලපිටිය රෝහල පාර වැසි ජලයෙන් යට වී තිබූ අතර ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි වෙළඳසැල් කිහිපයක්ද වැසි ජලයෙන් යට වී තිබුණා.

ඊට අදාල වීඩියෝව පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *