පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට නාය යාමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
මීට අමතරව බදුල්ල, කොළඹ, ගාල්ල, සහ කළුතර යන දිස්ත්‍රික්කවලට ද නිකුත් කර ඇති නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.
එමෙන්ම මාතලේ, රත්නපුර, ගම්පහ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ද නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.
තවද හලාවත – කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව යන ප්‍රදේශවලින් ජලයෙන් යට වී තිබෙනවා අතර තිනිපිටියවැව සහ කඩුපිටිඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබෙනවා.
එමෙන්ම මීගමුව – පුත්තලම ප්‍රධාන මාර්ගයට මාරවිල – ගොඩවල මංසන්ධියෙන් ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.
මේ අතර නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවලින් ඉවත් නොවන සිවිල් වැසියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.