Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්වල කොරෝනා ආසාදිතයන් පොකුරු වශයෙන් යළි මතු වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ සියලු අවස්ථාවන්හි පොකුරු වාර්තා වන්නේ මංගල උත්සව, මළ ගෙවල්, පින්කම් ආදී මහජන ඒකරාශී බිම් හරහා බව ද ඒ මහතා පැවසීය.

එනිසා හැකිතාක් දුරට මහජන ඒකරාශී වීමෙන් වලකින ලෙස ඒ මහතා ඉල්ලා සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙසේ කියා සිටියේය.

මේ අතර හම්බන්තොට මිරිජ්ජවිල ආයෝජන කලාපය තුළ ඉදිකෙරෙමින් පවතින සිමෙන්ති කර්මාන්ත ශාලාවක සේවකයින් 69 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඉන් 42 දෙනෙකුම ඉන්දිය ජාතිකයින්. හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා දීපිකා පටබැඳිගේ සඳහන් කළේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් මේ වන විට සක්‍රිය ආසාදිතයින් ලෙස සිටින්නේ 52 දෙනෙකු පමණක් බවයි.

ගතවූ සතිදෙකක කාලය තුල සිදුකළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙම රෝගීන් හඳුනාගෙන තිබෙනවා.

ඉන්දීය ජාතික සේවකයින් 39 දෙනෙකු ඊයේ (18) දිනයේදී ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලේ කොරෝනා රෝගී ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කෙරුණා.

අනෙකුත් කොරෝනා අසාදිතයින්ද අද (19) දිනයේදී රෝහල් ගතකිරීමට කටයුතුකරන බවයි හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා දීපිකා පටබැඳිගේ වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published.