Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිස්ත්‍රික්ක හතරක ග්‍රාම නිලධාරී වසම් 12 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බල ප්‍රදේශයේ පමුණුව ග්‍රාම නිලධාරී වසමත්, පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හොන්නන්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසමුත් මෙලෙස හුදෙකලා කර ඇති බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවෙල පොලිස් බල ප්‍රදේශයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසමද මෙලෙස හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ පල්ලෙගම, උඩගම සහ නව නගරය යන ග්‍රාම නිලධාරී වසම් තුනත්, පනාමුර පොලිස් වසමේ වළල්ගොඩ, සුදුගල සහ පනාමුර, යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම වේවැල්වත්ත පොලිස් බල ප්‍රදේශයේ රත්ගම ග්‍රාම නිලධාරී වසමද හුදෙකලා කර තිබෙනවා.

වවුනියාව දිස්ත්‍රික්කයේ පූවරාසම්කුලම් පොලිස් ප්‍රදේශයේ කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරි වසමද හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *