Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිස්ත්‍රික්ක හෝ පළාත් අතර අවශ්‍ය පරිදි සංචරණ සීමා පැනවීමට සහ ක්‍රියාත්මක කිරීමට රජය සුදානම් බව අමාත්‍ය ජී.එල් පීරිස් මහතා අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.

රජය කිසිම ක්‍රියාමාර්ගයක් සහමුලින්ම ප්‍රතික්ෂේප කර නොමැති බවත් සියලුම පියවර ගැන සිතා බලා ක්‍රියාමාර්ගවලට එළඹීමට සුදානම් බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

මෙම තීරණ ගැනීමේ දී රටේ ආදායම, දෛනික ආදායම් උපයන ජනතාව, ජනතාවගේ ජීවනෝපාය මාර්ග ආදී සියලු ම සාධක සැලකිල්ලට භාජනයකොට තීන්දු තීරණ ගැනීමට රජය සූදානම් බව ත් රජය හැමවිට ම වඩාත් ප්‍රායෝගික සහ නම්‍යශීලී ආකල්පයකින් මේ පිළිබඳ සිතන බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

මේ අතර රට වසා දැමීමේ කිසිදු තීරණයක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරනු ඇති බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *