Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ, කලුතර, ගාල්ල, මාතර, නුවරඑළිය හා රත්නපුරය දිස්ත්‍රික්කවලට කාලගුණ විද්‍යාදෙපාර්තුමේන්තුව විසින් නායයාමේ අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේවන විට බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි පවතින බවට වාර්තා වනවා.

මේ අතර ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අගය මිලිමීටර් 326.5 ක්.

මීට අමතරව පස්යාල, දන්සල් වත්ත ප්‍රදේශයට මිලිමීටර් 287 ක් සහ හොරණට මිලිමීටර් 244.5 ක් ලෙස වර්ෂාපතනය සටහන්ව තිබූ බව කාලගුණ නිවේදනයේ සඳහන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *