ඉන්දීය දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද කම්පන සහගත වීඩියෝවක් Twitter සමාජ ජාලාවන්ගේ පැතිරෙමින් තිබෙනවා.
CCTV දර්ශන වලින් පෙනී යන්නේ මාර්ගය පිලිබඳ අවධානයෙන් සිටි දුම්රිය රියදුරු නියමිත වේලාවට හදිසි තිරිංග ඇදීම නිසා දිවිනසා ගැනීමට පැමිණි පුද්ගලයෙක්ව මරණයෙන් බේරෙන ආකාරයයි.
මෙම සිදුවීම වාර්තා වන්නේ මුම්බායි හි ශිව්ඩි දුම්රිය ස්ථානයේ ඊයේ (03) පෙරවරු 11.45ට පමණ ය.
අදාළ පුද්ගලයා දුම්රිය මාර්ගය අසල සිට හදිසියේම දුම්රිය මාර්ගයට පැමිණ එහි වැතිරෙන අතර මෙම සිදුවීම දකින දුම්රිය නියමුවා හදිසි තිරිංග ඇදීමෙන් පසු දුම්රිය ක්ෂණිකව නතර වන අතර පසුව දුම්රිය ආරක්ෂක සෙබළුන් වහා පැමිණ ඔහුව ආරක්ෂිත ස්ථානයට රැගෙන යාමට සමත් වෙයි.
ඉන්දීය දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරන ලද එම වීඩියෝව පහතින්,