Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකවරුන් පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

දුම්රිය රියැදුරන් ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන්ට එරෙහි ආසාධාරණ විනය ක්‍රියාමාර්ග ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ.

වැඩ වර්ජනය හේතුවෙන් දෛනිකව උදෑසන කාලයේදී ධාවනය වන කාර්යාල දුම්රිය කිහිපයක් අද ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙනවා.

මේ අතර වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර සාකච්ජාවක් අද පැවැත්වීමට නියමිතයි.

ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ, සිය අමාත්‍යාංශයේදී අද මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *