Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දුම්රිය ප්‍රවේශපත්‍ර සඳහා යොදා ගන්නා ඝණකම් කඩදාසි ලබාදෙන නෙදර්ලන්ත සමාගම එම කඩදාසි සැපයීම අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකාව පමණක් එම කඩදාසි ඇණවුම් කිරීම නිසා නිෂ්පාදන පිරිවැය අධික වීම හේතුවෙන් එලෙස කඩදාසි ලබාදීම අදාල සමාගම විසින් ප්‍රතික්ෂේප කළ බවයි දුම්රිය සමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කළේ.

මෙම තත්ත්වය මත දුම්රිය දෙපාර්තමේන්තුව ජපානයේ කඩදාසි මුද්‍රණය කරන සමාගමක් හරහා දුම්රිය ප්‍රවේශපත්‍ර සඳහා යොදා ගන්නා එම ගණකම් කඩදාසි මිලියන 30 ක් ගෙන්වීමට කටයුතු කර තිබෙනවා.

වසරකට දුම්රිය ප්‍රවේශපත්‍ර මිලියන 60 ක් මුද්‍රණය කෙරෙන බැවින් මාස 6 ක කාලයක් සඳහායි ජපානයෙන් මෙම කඩදාසි ඇණවුම් කර ඇත්තේ.

දුම්රිය ප්‍රවේශපත්‍ර සඳහා යොදා ගන්නා ගණකම් කඩදාසිය මෙරට නිෂ්පාදනය කිරීම පිලිබඳ සොයා බැලීමට වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාව වෙත සාම්පල් ද ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ සඳහා ඔවුන් මාස 6 ක කාලයක් ඉල්ලා ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රිය ප්‍රවේශපත්‍රයක් සඳහා රුපියල් 2 යි ශත 50 ක මුදලක් වැය වන අතර, ඉදිරියේදී ඉලෙට්‍රොනික ප්‍රවේශපත්‍ර හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කරනවා.

ඒ සඳහා වන කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිවී ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත්, ඉදිරි මාස 6 ඇතුළත මුදල් අමාත්‍යාංශය මගින් ඊට අදාළ ඉදිරි පියවර නොගතහොත් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ගැටලුවක් මතුවන බවද සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *