Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දැනට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල අද සිට ලංගම සහ පෞද්ගලික බස් රථවල මෙන්ම දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීම සදහා අද (13) සිට අවසර ලබා දී තිබෙනවා.

එහිදී ප්‍රමුඛත්වය ලබා දෙනු ලබන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා සදහා වැඩබිම්වලට වාර්තා කරන පිරිස්වලට බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ.

ප්‍රවාහන සේවා විධිමත් කිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර සමග එම අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති අතර, ඒ සදහා ප්‍රවාහන බලධාරින්, අමාත්‍යාංශ නිලධාරින් මෙන්ම මගී ප්‍රවාහන සේවාවල නිරත සංගම්වල නියෝජිතයින් ද එක්වුණා.

අනවශ්‍ය ගමන් බිමන් සදහා ප්‍රවාහන සේවා යොදා ගැනීමට කටයුතු නොකරන ලෙස ද අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කළ අතර, බස් රථවල ගමන් කිරීමේදී මුව ආවරණ පැළද සිටීම අනිවාර්ය වන බවයි ඔහු එහිදී කියා සිටියේ.

එසේම දුම්රිය නව වාර ප්‍රවේශපත්‍ර මෙන්ම, වාර ප්‍රවේශපත්‍ර නොමැති මගීන් සදහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද සිට ආරම්භ කෙරෙන අතර, ඒ සදහා මගීන් තමන් සේවය කරන ආයතනයේ හැදුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කර සිටියා.

එමෙන්ම අද සිට කොළඹ, ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල බස් රථ ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් කිහිපයක් ප්‍රකාශ කරනවා.

මේ අතර, දුම්රියෙහි ගමන් කළ හැක්කේ පෞද්ගලික සහ රජයේ ආයතනවල බලධාරීන් නම් කර ඇති පුද්ගලයින්ට පමණක් බැවින් අද පස්වරු හයට පෙර අදාළ ලේඛණ සඳහා තවදුරටත් නම් ඇතුළත් කිරීමට අවස්ථාව පවතින බව දුම්රිය සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු සඳහන් කරනවා.

මේ අතර ඉදිරි සතිය සඳහා දුම්රිය සේවය ලබා ගැනිමට අවශ්‍ය පිරිස අද (13) දිනයේ ලියාපදිංචි විය යුතු වෙයි.

මෙම සතිය තුළ දුම්රිය සේවය ලබා ගැනිමට ලියාපදිංචි වි සිටි රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ එක්දහස් තුන්සීයකට අධික පිරිසක් ඊයේ එම සේවය භාවිත කර තිබෙන බව වාර්තා වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *