Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

1e1d916e0d672024e4130a6a9c1ee06528c826e9තරුණයා නොරොච්චෝල විදුලි බලාගාරයේ

 තරුණිය නුවර පිළිමතලාවේ
විදුලිබලමණ්ඩලයට අයත් හැඳුනුම්පතක් අවභාවිත කරමින් ඇඳිරිනීතිය උල්ලංඝනය කරමින් මෝටර් රථයකින් ගමන් කළ පුද්ගලයෙකු හා තරුණියක් හම්බන්තොට මුලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පුද්ගලික ඇප මත නිදහස් කර තිබෙනවා. 
පසුව කොරානා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා හම්බන්තොට මහ රෝහලේ අදාළ වාට්ටුවට ඔවුන් දෙදෙනා ඇතුළත්කර තිබේ .
අදාළ තරුණයා නොරොච්චෝල විදුලි බලාගාරයේ සේවය කරන කැකිරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක අයෙකි. තරුණිය නුවර පිළිමතලාව ප්‍රද්ශයේ පදිංචි වයස අවුරුදු 20 ක තැනැත්තියකි.
ඔවුන් පසුගිය දින කීපයක් තිස්සේ මෙලෙස මෙම හැඳුනුම්පත් භාවිතා කරමින් සංචරයේ යෙදී ඇති අතර පසුව පසුගිය 12 වනදා තංගල්ල ප්‍රදේශයට පැමිණ එහි අවන්හලක රාත්‍රීය ගතකර ඊයේ දින (13) තිස්ස දෙසට මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී හම්බන්තොට ගබඩා හන්දියේ ස්ථාපිතකර ඇති මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි – හම්බන්තොට

1e1d916e0d672024e4130a6a9c1ee06528c826e9
8d0d1e54a0f797d226aee61076717aee1585f38b
9c5ae23f932feaa49e4d833f9263ccd4ef668a35

Leave a Reply

Your email address will not be published.