Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ තඹුත්තේගම සිදුවූ දෙකෝටි විසි තුන්ලක්ෂයක මංකොල්ලය දිව පරදුවට තබා වැලැක්වූ තඹුත්තේගම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් බුද්ධි කුමාරට උසස් වීමක් සහ ත්‍යාග මුදලක් ලබා දීමට පොලිස්පති උපදෙස් මත පොලිසිය තීරණය කර තිබේ.

අඩක් වැඩ නිමකළ නිවසක පදිංචි වී සිටින සැරයන්වරයාගේ නිවසේ ඉතිරි ඉදිකිරීම් අවසන් කරදීමට කටයුතු කරන බව අද ඔහුගේ නිවසට පැමිණි උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පොරොන්දු වී තිබේ.

සිය ජීවිතය ද පරදුවට තබා සිය වගකිම් ඉටුකළ පොලිස් සැරයන් බුද්ධික කුමාර අනුරාධපුර එප්පාවල පදිංචි තිදරු පියෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *