Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ගත වූ පැය 24 තුල ඉන්දියාවෙන් කොරෝනා මරණ 4092ක් වාර්තා වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 242,000 ඉක්මවූවා.

එමෙන්ම, සතියක් තුල පස්වන වරටත් හාරලක්ෂය ඉක්මවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඒ සමගම එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි විසි දෙලක්ෂය ඉක්මවා තිබෙනවා.

ඉන්දියාවෙන් කොරෝනා මරණ සහ ආසාදිතයන් මෙලෙස තවදුරටත් ඉහළ යමින් පවතිද්දී රට පුරා රෝහල් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අර්බුදයකට මුහුණදී සිටින බවද වාර්තා වේ.

ප්‍රාන්තවලට අවශ්‍ය කරන ඔක්සිජන් සැපයීම සහතික කරලීම අධීක්ෂණය කිරීම සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ජාතික කාර්ය සාධක බලකායක් ද පත් කොට ඇත.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් මහතා ප්‍රකාශ කොට ඇති පරිදි ඔක්සිජන් සැපයුම මත දිවි පවත්වා ගන්නා කොරෝනා ආසාදිතයන් නව ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ඉන්දියාව පුරා සිටින බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *