Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පසුගිය 14 වැනිදා දෙවරක් ඉන් පැනගිය කොවිඩ් ආසාදිතයා මිය ගොස් තිබෙනවා.

ඔහු රාගම ඉහළගම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුගේ අවසන් කටයුතු මීගොඩ මුතුහේනවත්ත පොදු සුසාන භූමියේදී සිදුකර තිබෙනවා.

ඉකුත් 14 වනදා පැනගොස් සිටි එම ආසාදිතයා සොයා ගැනුණේ යාබද නිවසක් අසල රැඳී සිටියදීය.

පසුව ඔහු නැවතත් එදිනම පස්වරු 3ට පමණ රෝහලෙන් පළාගොස් තිබූ අතර රෝහල් පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසුව එම ආසාදිත පුද්ගලයා රෝහලට මීටර් 500 ක් පමණ දුරින් පිහිටි ගලවිලවත්ත දුම්රිය ස්ථානයට යාබද නිවසක් අසල රැඳී සිටියදී සොයා ගැණුනි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *